Friday, May 16, 2014

Photoshop in Sinhala- සරල සිංහලෙන් මුල සිට ඉගෙනගමු.... (Tutorial-03)



ඔන්න අද photoshop තුන්වෙනි පාඩම ගේන්නයි සූදානම.. කලින් පාඩමෙන් අපි ඉගෙනගත්ත tool box එකේ crop tool එකට වෙනකන්.. ඒක බලන්න මෙතනින් යන්න අද කියල දෙන්න හදන්නෙ ඉතිරි Tools ටික ගැනයි...



මේ තමයි tool box එක.. අපි මේ වෙනකොට selection tools(marque,lasso),move tool, crop tool කතාකරල තියෙනව.. අද කතාකරන්න යන්නෙ දෙවෙනි සෙක්ශන් එක.. ඒ කියන්නෙ රූපයේ පේන පරිදි පලමු ටූල් 6 ට පසු ඔයාට පේනව ඇති අළු පාට ඉරකින් වෙන් වෙලා තියෙනව.. අන්න ඒ දෙවෙනි සෙක්ශන් එකයි අද කතාකරන්නෙ..


Image Editing Tool

01.Stamp Tool..(S)
  • Clone Stamp.. (S)
    image එකක එක් ස්ථානයක ඇති image කොටසක් එම image එකෙහිම වෙනත් ස්ථානයකට copy කිරීම සඳහා මෙය භාවිතා කරයි..
    clone stamp tool එක මගින් ලැබෙන brush එක එම image එකේ copy විය යුතු ස්ථානයට ගෙනගොස් Alt key සමඟ left click කරගන්න.. ඉන්පසු Alt key මුදාහැර image එකේ වෙනත් ස්ථානයක click කර drag and drop කිරීමෙන් අදාල පින්තූර කොටස එම ස්ථනයෙන් මතුකරගත හැක.
    right click කර brush වර්ග හා sizes වෙනස් කරගත හැක..
    මෙය ෆොටෝ editing සඳහා ඉතාම වැදගත් Tool එකකි..
  • Pattern Stamp..(S)
pattern නිර්මාණය සඳහා මෙම tool එක භාවිතා කරයි.. tool එක භාවිතා කර Option bar මගින්  කිසියම් pattern එකක් තෝරාගන්න.. ඒ සඳහා option bar තුල ඇති pattern drop down arrow එක මත click කරන්න.. ඉන් අනතුරුව Brush එක image එක මත drag and drop කරන්න..
02.Eraser Tool..(E)
eraser tool වර්ග 3 කි..
01.Eraser tool
මෙය භාවිතා කර Erase කරන ස්ථානය සඳහා Background colour එක ආදේශ වේ..
02.Background Eraser Tool
මෙමගින් යම් ස්ථානයක click කල පසු එම ස්ථානය විනිවිද වේ.. එම ස්ථානය background color එකට ආදේශ වේ..
03.Magic Eraser Tool
මෙමගින් image එකේ කිසියම් color එකක් මත click කිරීමෙන් අදාල වර්ණය image එක මගින් කෘතිමව erase වේ....
03.Brush Tool..(B)
මෙම tool එක භාවිතා කර Option bar මගින් කිසියම් Brush style එකක් තෝරා ගෙන image එක මත drag and drop කිරීමෙන් එය නිර්මාණය කරගත හැක.. Brush එක සඳහා forground color එක ඇතුලත් වේ..

04.Dodge Tool/Bun Tool/Sponge Tool..(O)
  • Dodge Tool
මෙය භාවිතා කර click කිරීමෙන් පින්තූරයේ යම් කිසි කොටසක් ආලෝකමත් කල හැක...
  • 02.Burn Tool
මෙය භාවිතා කර click කිරීමෙන් පින්තූරයේ යම්කිසි කොටසක් අඳුරු කල හැක..
  • Sponge Tool
මෙම Tool එක ආකාර දෙකක් යටතේ භාවිතා කල හැක.. option bar මගින් එම ආකාර තේරිය යුතුය..
Saturate - වර්ණවත් කරයි..
Desaturate - අවපැහැ ගැන්වේ..

05.Gradient/Pait Bucket Tool (G)
  • Gradient Tool
වර්ණ මිශ්‍රණයක් නිර්මාණය කර ගැනීම සඳහා මෙම tool එක භාවිතා කරයි..
මෙය භාවිතාකර option bar තුලින් gradient color තෝරා drag and drop කිරීමෙන් වර්ණ මිශ්‍රණය ලබාගත හැක..
  • Paint Bucket Tool
මෙය භාවිතා කර image එකෙහි select කර ඇති ස්ථානයකට forground color එක හෝ pattern එකක් හඳුන්වා දිය හැක.. Option Bar මඟින් අදාල තේරීම සිදුකල යුතුය..
06.Healing Brush Tool/Patch Tool.(J)
  • Spot Healing Brush Tool(J)
රූපයේ damage වී ඇති ස්ථාන සැකසීම සඳහා මෙය භාවිතා කරයි.. මෙමගින් damage වී ඇති ස්ථාන left click කිරීමෙන් එය කෘතිමව සැකසේ..
  • Healing Brush Tool(J)
මෙය Clone stamp tool එක ක්‍රියා කල ආකාරයටම ක්‍රියා කරයි.. 
  • Patch Tool(J)
මෙමගින් රූපයේ damage වී ඇති ස්ථානය select කරගන්න.. එසේ සිදුකරගත් selection එක එම tool එක භාවිතා කර එම image එකෙහිම වෙනත් ස්ථානයකට move කරගත හැක..
07.Blur/ Sharpen/ Smudge Tools..(R)
  • Blur Tool
මෙම tool එක පින්තූර කොටසක් බොඳ කරගැනීමට භාවිතා කරයි..
තවද මෙය filter එකක් ලෙස භාවිතා කල හැක.. එසේ කිරීමට බොඳ කිරීමට අවශ්‍ය කොටස select කරගෙන filter එක යෙදිය හැක.. (Filter-->Blur-->select any blur style)
  • Sharpen Tool
පින්තූරයක කොටසක් තියුනු කිරීමට මෙය යොදාගනී.. මෙයද filter එකක් ලෙස යොදාගත හැක..
එසේ කිරීමට තියුනු කිරීමට අවශ්‍ය කොටස select කරගෙන filter එක යෙදිය හැක..
(Filter-->Sharpen-->select any Sharpen style)
  • Smudge Tool
මෙය භාවිතා කර පින්තූරයේ කිසියම් කොටසක් motion ආකාරයෙන් move කරගත හැක.. move වන කොටස බොඳ වීමක්ද සිදුවේ..


ඔන්න අද ඉගැන්නුවෙ image editing tools ගැන..
එහෙනම් මේ ටික හොඳට බලාගන්න.. 

Tools අවසන් වූපසු කොහොමද ඒව use කරල photose edit කරන්නෙ කියලත් අපි කියල දෙනව..
෴෴එතෙක් රැඳී සිටින්න අප සමඟම..෴෴




4 comments:

  1. ikamanata lesson tika danda kooo

    ReplyDelete
  2. ‍ස්තුතියි! ගොඩක් දේවල් මට දැනගන්න ලැබුණා. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  3. ගොඩක් ස්තූති, මේ මට හම්බුන ps practicals ටිකක්, පාඩම් ගොඩකුත් තියෙනවා, ඔයාලට ඕන නම් download කරගන්න. පහල link එකෙන් ගන්න

    http://zipansion.com/YQMV

    ReplyDelete