Thursday, May 8, 2014

Photoshop in Sinhala- සරල සිංහලෙන් මුල සිට ඉගෙනගමු.... (Tutorial-01)

 

 

න්න මන් අලුත් වැඩක් පටන්ගන්නයි යන්නෙ.. දන්න දේවල් තනියම තියන් ඉන්න එක හොඳ නැහැනෙ.. ඉතින් අද ඉඳල ඔයාලට Photoshop මුල ඉඳල කියල දෙන්න තීරනය කලා.. අද තමයි පලවෙනි පාඩම.. ගොඩක් අය දහස් ගනන් ගෙවල Graphic course වලට යනව.. අන්තිමේ Certificate එකක්වත් නැතුව නවත්තල දානව.. ඉතින් මම තීරනය කරා දන්න දේ තියාගෙන ඉන්නැතුව හැමෝටම Free කියල දෙන්න.. ඔන්න එහෙනම් හාහපුරා කියල වැඩේ පටන්ගමු.. 

මුලින්ම Photoshop කියන්නෙ මොකක්ද බලමු..

  • Photoshop කියන්නෙ ලෝකප්‍රසිද්ද Graphic software එකක්...

  • Photoshop Software එක ණිර්මාණය____Adobe සමාගම..
  • Photoshop Software  එකෙහි කාර්‍ය______ Photo Editing.. 
    • Photoshop Software එකෙහි Working Area එක___ Canvas.. 
    • Photoshop Software එකෙහි Format එක_____ .Psd..
    • Photoshop Software එකෙහි නිර්මාණය කරන
      Image වර්ගය..____________________________Rast image (Phicsal සහිත)
    ඔන්න එහෙනම් Photoshop කියන්නෙ මොකක්ද කියල මූලික අවබෝධය ඔබට ලබා දුන්න...

    Adobe Photoshop Interface.. 

    (01)

    මේක තමයි Photoshop interface එක.. පේන්නෙ නැත්තන් photo එක උඩ click කරන්න..

     

    මීලඟට Tool Box එක බලමු..

    (02)

    මේ තමයි Tools ටික.. මේ ටිකෙන් තමයි දාන සෙල්ලන් ඔක්කොම දාන්නෙ..
    හොඳට බලල අවබෝධ කරගන්න..
    (click on photo to zoom)


    (01) රූපයේ පරිදි Option Bar සහ Palettes හඳුනාගැනීම මීලඟට වැදගත් වේ..

    • Option Bar

      • Tool Box එක තුලින් කිසියම් ටූල් එකක් තේරූ විට එම ටූල් එකට අදාල වනසේ Option bar වෙනස් වේ..

      • Tool Box එක තුලින් ටූල් එකක් තේරූ විට එම ටූල් එකට අදාල modifie පෙන්නුම් කරනුයේ Optionbar තුලය..
    • Palette

      • Adobe software තුල විවිධ වූ කර්යයන් සඳහා palette ණිර්මාණය වී ඇත..
        (Navigation,Layer,color,History,Action,Paths ඉන් කීපයකි.)

    Adobe photoshop තුලට නව Canvas එකක් ලබාගැනීම..

    අපි කරන නිර්මාණය සිදුකරන තැන තමයි මේ.. ලබා ගැනීමට,
    File --> New  (ctrl=n)

    එවිට මෙසේ Window එකක් ලැබේ..

     මෙහි කොටස් මෙසේය..

    1) Name- විවෘත කරනුලබන canvas එකේ නම හඳුන්වා දීම..
    2) Preset- වෘතිමය වශයෙන් පදනම් කරගෙන පිටු ප්‍රමාණයන් හඳුන්වා දීම..
        (standerd paper size/Photo paper size/resolution Paper size)
    3) Width & Height- ඔබට අවශ්‍ය උස හා පලලකින් පිටුව ලබාගත හැක. මිනුම් ඒකකයද ඇත..
    4) Resolution- Canvas එකේ වර්ග අඟලක පවතින Pixel ගනන  මේ යටතේ ලබා දිය හැක..
    5) Color Mode- Canvas එක තුල ඇති වර්ණ පරාසය මේ යටතේ හඳුන්වාදේ..
        (RGB/CMYK/Grayscale/Bitmap)
    6) Background Contents- Canvas එකේ වර්ණය මේ යටතේ ලබාදේ..
        (White/Transparent/Background color)

    Photoshop තුලට Wallpaper එකක් ලබාගැනීම..

    wallpaper එකක් ගැනීමට,

    File --> Open (ctrl=O)

    or

    Double Click on Photoshop Free Space

     select any wallpaper and click on Ok...

     

    අදට පාඩම ඉවරයි එහෙනම්.. දිගටම ඉන්න අපිත් එක්ක.. Photoshop අවසානය දක්වා අපි Tutorials ගෙන එන්න පොරොන්දු වෙනව..
    එහෙනම් මේ ටික Software එක දාගෙන බලන්න.. අදට මන් යනව..

    Tutorial 02- Click Here


    ප්‍රශ්න තියෙනවනම් Comment කරන්න...
    ෴෴ යාළුවන්ටත් බලන්න Share කරන්න.. :)෴෴

     

     


    11 comments: