අද photoshop දෙවන පාඩම කියල දෙන්නයි යන්නෙ.. කලින් පෝස්ට් එකේ මූලික හැඳින්වීම කියල දුන්න මන් ඔයාලට.. අද අපි කතාකරමු අනිත් දේවල් ගැන..
මුලින්ම බලමු Layer Palette ගැන.
මේක තමයි Layer Palette එක කියන්නෙ. මේක ලබාගැනීමට,
Window--> Layer
(F7)
Window--> Layer
(F7)
image කොටසක් select කර canvs එකකට move කිරීමෙන් අනතුරුව එම image කොටස වෙන්කර හඳුනාගැනීම සඳහා Layer palette එක තුල Layer එකක් නිර්මාණය වේ..
01. Duplicate Layer.
select කර ඇති image එක Duplicate කරගැනීම සඳහා මෙය භාවිතා කරයි..
select the layer on layer pallete---> Layer---> Duplicate layer
02. Transform Layer.
seleck කර ඇති Layer එකෙහි හැඩය ප්‍රමාණය වෙනස් ක්කක්‍රීමට මෙය යොදාගනී..
select on the layer pallete--> Edit-->Transform-->select anyone(scale/rotate/skew/disort/perspective/flip)
- Scale- layer එක ලොකු කුඩා කල හැක. shift එක සමඟ කල විට පූර්ණව සිදු වේ.
- Rotate- layer එක කරකැවිය හැක.
- Skew- layer එක ඇද කල හැක.
- Distort- layer එක විරූපී කල හැක.
- Perspective- තාත්වික ආකාරයෙන් layer එක සැකසිය හැක.
- Flip- layer එක ප්‍රතිවිරුද්ද අන්තයට හැරවිය හැක.
Layer Transform කිරීමට අවශ්‍ය layer එක උඩ right click කර Free transform click කිරීම යන short cut එකද භාවිතා කල හැක..
Enter key එබීමෙන් ඔබ කල transform කිරීම apply වේ..
Esc key එබීමෙන් Transform කිරීම apply නොවේ..
03.Hide Layer
layer එක hide කිරීමට මෙය යොදාගනී..
select any layer on layer palette--> Layer--> Hide layer
04.Arrange Layer
layers ඇති පිලිවෙල සකස් කිරීම මින් සිදු වේ..
layer palette එකේ ඇති Layers අතර Drag and Drop කිරීමෙන් මෙය සිදුකල හැක..
05.Opacity Layer
layer palette එකේ ඉහලින් දැකියහැක.. එහි අගය අඩු වැඩි කිරීමෙන් layer එක විනිවිද පෙනේ..
06.Delete Layer
layer palette එක තුලින් layer එක තෝරා delete button එක press කිරීමෙන්..
මීලඟට Tool Box එක හඳුනාගනිමු..
01. Move Tool
මෙය භාවිතාකර canvas eka තුල ඇති layers move කරගත හැක.(image කොටස්)
02.Selection Tool
toolbox එක තුල ප්‍රධාන selection tool තුනක් දැකිය හැක..
1)Marquee tool............... (M)
photoshop තුල ඇති ප්‍රාථමික මට්ටමේ selection tool එකකි. හැඩතල ආකාරයේ selection මේ යටතේ සිදු වේ..2)Magic wand tool.......... (W)
මෙය භාවිතා කර කිසියම් වර්ණයක් මත click කල විට අදාල වර්ණය image එක තුලින් කෘතිමව select වේ..3)Lasso tool.....................(L)
lassso tool වර්ග තුනකි..
1) lasso tool
මෙමගින් left click කර drag and drop කිරීමෙන් selection එක සිදි කල හැක..
2) polygonal lasso tool
මෙමගින් left click කල විට poly line නිර්මාණය වේ.. ආරම්භක point එක මත අවසන් point එක තැබීමෙන් selection එක අවසන් කල හැක..
3) magnatic lasso tool
වර්ණ පදනම් කරගෙන selection එක සිදු වේ..
මෙම Tool එකට අදාලව පහත දෑ වැදගත් වේ..
*select all (ctrl + A) සමස්ථ image එක එකවර select කරගත හැක.
*Deselect (ctrl + D) සිදුකර ඇති selection එක ඉවත් කල හැක.
*Reselect (ctrl + shift + D) deselect කල selection එක නැවත ගත හැක.
*Invers (ctrl + shift + I) image එක තුලින් මේ වන විට select වී ඇති දෙයට ප්‍රතිවිරුද්ද වූ කොටස selec කල හැක.
03.Crop Tool
අවශ්‍ය ආකාරයට පින්තූරයක් crop කරගැනීම මෙහිදී සිදු කරයි.. select කිරීම කර Enter key press කිරීමෙන් අවශ්‍ය කොටස crop වේ..
අනෙකුත් Tool ගැන විස්තර මීලඟට බලාපොරොත්තු වන්න..:)
෴෴ එතෙක් මන් ගියා... ෴෴
This comment has been removed by the author.
ReplyDeleteithuru tika danna
ReplyDeleteKo ithu tika
ReplyDeleteThank You Very much my Dear Son, Your presentation is so easier to understand. wish you a Happy and Successful life !
ReplyDelete