දැන් කියන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක්..
අපි කලින් phone එකක් Root කරන ක්‍රමය ඔබට ලබා දුන්න.. ඒක බලන්න මෙතනින් යන්න.. එදා කිව්ව වගේ දැන් කියන්න යන්නෙ මොකක්ද මේ Root කරනව කියන්නෙ සහ Root කිරීමේ වාසි අවාසි ගැනයි..
මේ ගැන ඔබේ අවදානය යොමු කරල Root කිරීම සිදු කරනවනම් වඩා යෝග්‍ය වෙනව..
ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය Root කරනව කියන්නෙ මොකක්ද කියල මුලින්ම බලමු..
ඒ කියන්නෙ Android උපාංගයේ සම්පූර්ණ බලතල අපේ අතට ගන්නව වගේ වැඩක් තමයි..
Root නොකරපු දුරකථනයක අපට සිදුකිරීමට ලැබෙන කාර්යන් සීමිත වෙනව..
ඒ කියන්නෙ අපිට අවශ්‍ය විදිහට Apps install කිරීම්, Phone Storage Manage කිරීම්, සමහර විශේෂිත Software install කිරීම් වගේ දේවල් අපිට සිදුකිරීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ..
අපි අපේ දුරකථනය Root කල පසු අපිට ඒ සියළු වරප්‍රසාද හිමි වෙනව..
කොටින්ම කිව්වොත් මේකෙදි වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් OS එක අපිට ඕන විදිහට පාලනය කරන්න හැකියාව ලැබෙනව..
ඒක සිදුවෙන්නෙ Root කල පසු අපේ දුරකථනයෙහි ඇති OS එකෙහි අගුලු විවෘත වීමෙන්..
Root කරනව කියන්නෙ මොකක්ද කියල පැහැදිලි උනා යැයි මන් හිතනව..
මේව තමයි Root කිරීමේ වාසි..
Android උපාංගයේ සියලු පාලන බලය ලැබීම..
- Supper User භාවිතයට ගතහැකි වීම..(supperuser යනු in built app එකකි)
- Root කිරීමට පෙර නොහැකි වූ මෘදුකාංග ස්ථාපනය කලහැකි වීම..
- OS එකෙහි නවතම ඉදිරිපත් කිරීම් යාවත්කාලීන කල හැකි වීම..
- Android system එක අපට අවශ්‍ය පරිදි සකසාගත හැකි වීම..
- මෘදුකාංග Memory Card එකට ස්ථාපනය කල හැකි වීම..
- Boot Screen සහ Animation වෙනස් කිරිමට හැකි විම..
- වෙනත් Android සංස්කරණ ස්ථාපනය කිරිමට හැකි විම..
මෙන්න Root කිරීමේ අවාසි..
- උපාංගයේ වගකීම අහෝසි වීම..
- සමහර උපාංග වල නිල Update ගත නොහැකි වීම..
- නිවැරදිව Root නොකලහොත් ඔබේ උපාංගය නැවත යථාතත්වයට පත් කිරීමට නොහැකි විය හැක..
- නොගැලපෙන Firmware ස්ථාපනයෙන් කාර්යක්ෂමතාව අඩු වීම..
පෝස්ට් එක ඔබට වැදගත් කියල හිතනව..
යාළුවන්ටත් බලන්න Share කරන්න..
පහලින් අපේ අඩවියේ සාමාජිකයකු වී අලුත්ම ලිපි Updates ලබාගන්න...
මගේ blog එකෙත් root කරනව කියන්නෙ මොකක්ද කියල post එකක් තියෙනව.
ReplyDeleteමොකක්ද මේ Android පෝන් root කරනව කියන්නෙ