Thursday, April 24, 2014

Are u Meat eater..? ඔබත් මාංශ භක්ෂකද? එසේනම් ඔබ මෙය කියවිය යුතුමයි..!!

ARE U MEAT EATER..??!! 
like this!!?


ඔබත් මස් මාංශ අනුභව කරනවාද? එසේනම් මේ ඔබේ අවධානය පිණිසයි.. 

ලොව වෙසෙන සත්ව වර්ග වලින් 60% කට වඩා සත්ව වර්ග මිනිසාගේ ගොදුරු බවට පත් වී ඇති බව ඔබ දන්නවාද. ඔබත් මස් අනුභව කරන්නේනම් ඔබත් ඒ අහින්සක ජීවිත වලින් අතලොස්සකට හෝ වගකිව යුතුය. මන්ද මිනිසුන් සතුන් ඝාතනය කරන්නේ ජොලියට නොවන බැවිනි.මිනිසා මාංශ භක්ෂක නොවේ. මාංශ භක්ෂක සතුන්ගේ බඩවැල් අඩි 6ක් පමණ වේ. ඒ උන්ගේ ආහාර දිරවීම ඉක්මන් කරවීම සඳහායි. නමුත් මිනිසාගේ බඩවැල් වොලිබෝල් කෝඩ් එකක් වටා ඇතිරීමට තරම් දිගය. ඉතින් ඉක්මනින් දිරවිය යුතු දේවල් එතරම් දුරක් ගෙවා යනකන් බඩ ඇතුලෙ තැන්පත් කරගෙන සිටින්නේ කුමක් සඳහාද..ඒ හේතුවෙන් අවශෝශණය කරනොගත යුතු දේවල් පවා ඔබගේ ශරීරයට අවශෝශණය වෙයි.

සත්වයකුගේ මරණය සිදුවන අවස්ථාවේ උගේ ශරීරයේ රුධිරය අසාමාන්‍ය ලෙස වෙනස් වන බව ඔබ දැන සිටියාද? රුධිරය සාමාන්‍යයෙන් රතු පාටය. නමුත් සතෙකු මරන අවස්ථාවේ උගේ රුධිරය කලු පැහැයක් ගන්නේ එම සත්වයාගේ ශරීරය තුලින් ඇතිවන අසාමන්‍ය ප්‍රතික්‍රියාව නිසාවෙනි. ඕනෑම වෛද්‍ය වරයකුගෙන් පවසා සත්‍ය ඔබටම දැනගත් හැක. එම රුදිරය මිශ්‍ර මාංශ අධික විශ සහිත බව වෛද්‍ය වරුන් පවසයි. රජයේ ගවඝාතකාගාරයේ සිටින පශු වෛද්‍ය වරයා පවසන්නේ ගවයකු මරණ අවස්ථාවේදී මරණ බිය නිසා උගේ ශරීරය තුලින් ක්ෂණිකව විශ රසායන නිපදවන බවයි. මන්ද ඒ මොහොතේ ඌ සිටින මානසික තත්වය(සතුන්ටද මනසක් ඇත) ඉතාම වෛරී ස්වභාවයක් බැවින් ආරක්ශාව සඳහා ශරීරය තුලින්ම විශ නිපද වන්නේය. මෙය සෑම සත්ව වර්ගයකටම පොදු වු ලක්ෂණයක් බව ඔහු තව දුරටත් පවසයි. තවද වෙලඳපලට මස් නිකුත් කිරීමට පෙර පරීක්ෂා කරන්නේද ඔහුය. ගවයකු ඝාතනය කිරීමෙන් පසු මස් සඳහා ගන්නේ 0.6 වැනි ප්‍රමාණයකි.ඉතිරි සියලුම කොටස් ආහාරයට නුසුදුසුය. ගවයාගේ මරණ්යෙන් පසු උගේ පෙණහලු වල යම් කළු පැහැති දියරයක් ලේ සමඟ මිශ වී ගමන් කරයි. මුළු පෙණහළුව පුරා කළු ඉරි මෙන් ඇදී පවතී. ඒ රුදිරය සමඟ මිශ්‍ර උන විශ යැයි තවදුරටත් ඔහු පවසයි. එම මස් අනුභවය මිනිසාට අතිශය අහිතකරයැයි ඔහුගේ අවවාදයයි. මේ තත්වය සෑම සත්වයකුටම පොදු වූ තත්වයකි. ගවයාගේනම් විශ කොටස් ඉවත් කලහැකි තරම් ඌ විශාලයි. නමුත් කුකුලන්/මාළුන් වැනි සතුන් ගැන සිතන විට ඔබ ඒවා ආහාරයට ගන්නේ ඒ කොටස් සමඟින් යැයි ඔබට සිතුනේද? එසේනම් ඔබ නුවණක්කාරයි.. සිතන්න..

ඔබ අසාමාන්‍ය ලෙස තරහව, නුරුස්නා ගතිය, කලබල කාරී බව ඇති අයෙක්ද? එසේනම් කණගාටුවෙන් හෝ කියන්නට ඇත්තේ ඔබේ එම හසිරීම් වලට ප්‍රධාන හේතුව මස් මාංශ අනුභවයයි.  ඉන් මිදීමට ඔබට ඇති එකම මග එය අත්හැරීමයි. සමහරු කියනව විටමින් කැල්සියම් නැතිවෙනව කියල. ඒ කියන්නෙ තමන්ගෙ වාසියට. වෛද්‍ය වරයෙක්ගෙන් අහල දැනගන්න ඔයාට ඒ කියන විටමින් ගන්න ඕන ටරම් එළවළු පලතුරු තියෙනව ලෝකෙ. මේ වෑයම ඔබේ මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද යහපතක් අත්කර දීමටය..

 

ඔබ බිත්තර අනුභව කරනවාද? ගොඩක් අය කන්නෙ ෆාම් බිත්තරලු. ගම් බිත්තර කන්නැහලු. ඉතින් පවු නැහැලු. හේතුවක් නැතුව පලයක් හටගන්නැහනෙ යාලු. ඒ කිව්වෙ ස්වභාවික ක්‍රමයකින් ඇරෙන්න කිකිලිගෙ බඩට බිත්තරයක් දාන්න බෑනෙ. අම්ම ගෙනෙක් ගැන හිතන්න. ඔබ කරන්නෙ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම ගෙනෙක්ගෙ බඩෙන් ඒ කලලය අරගෙන කනව වගේ වැඩක්. ඇයි මන් එහෙම කිව්වෙ. ඒ බිත්තරේ ඇතුලෙ ඉන්නෙත් පටියෙක්. අම්මගෙ බඩේ ඉන්නෙත් පටියෙක් නිසා. ෆාම් උනත් ගම් උනත් ඒක රැක්කොත් පටියෙක් එනව කියල පරීක්ෂණ වලින් ඔප්පු කරල තියෙනව. ජීවයක් නැත්තන් බිත්තරයක් කුණු නොවී තියෙන්නැහැ. ජීවය මැරුණහම තමයි බිත්තරයක් කුණු වෙන්නෙ. අපේ සමාජෙ ගොඩක් අයට(අලුත බැඳපු අයට) දරු සම්පත් නොමැති වෙන්න ප්‍රදාන හේතුවක් තමයි ඒ. මොකද ඔය කඩන බිත්තර කැඩිල්ලට ඒ අයගෙ බඩට කොහොම දරුවෙක් එන්නද. ආවත් ටික දවසයි එළියට ගබ්සා වෙනව. ඒක මේ ලෝකෙ ගොඩක් අයට දිට්ටධම්ම වේදනීය ලෙස පලදීල තියෙනව. සමහරවිට ගිය ආත්මවල කරපුව වෙන්නත් ඇති. ඉතින්.. කියන්න ගොඩක් දේවල් තියෙනව.. ඒ සේරම කියන්න ගියොත් එළි වෙයි. මන් මේ ලිපිය මෙතනින් නවත්තනව ඔයාලටත් හිතන්න දෙයක් ඉතිරි කරල...
හිතන්න ඔබේ අනාගතය ගැන..
ඔබේ දරුවන්ගෙ අනාගතය ගැන..
ඊලඟ ආත්මය ගැන..
රසට වහල් වෙලා ජීවිතය විනාශ කරගන්න එපා..!
කවදාවත් ගැලවිල්ලක් නැති වේවි..!
අදින් පසු නිර්මාංශ ජීවිතයක් ගැන සිතන එක ඔබට බාරයි..
මාසයක් නිර්මාංශ වෙලා බලන්න.. ඔබටම වෙනස තේරෙයි..
පුදුම සහනයක් දැනෙයි..!  

සැලකිය යුතුයි: මෙම ලිපිය හුදෙක් ඔබගේ අවධානය යොමු කරවීම පිණිස පමණි.. මෙහි ඇති  දෑ 100% සත්‍ය වන අතර කළ යුත්ත තීරණය කල යුත්තේ ඔබය..

1 comments:

  1. ගොඩාක් පිං ඔබට... නමෝ බුද්ධාය !!! තෙරුවන් සරණයි !!!

    ReplyDelete